Master Physics.
Shape Your Future.

About the Lecturer

Eng. Nadeeshan Gunawardhane - Physics Lecturer
Meet Your Instructor

Eng. Nadeeshan Gunawardhane

Electrical Engineer

B.Sc.Eng, M.Sc.Eng, AMIE(SL)

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන ලද මෙතුමා ශ්‍රී ලංකාවේ සුන්දරම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ එවකට ඔහුට තිබූ එකම එක සිහිනය යථාර්ථයක් බවට පත්කරවමිනි. 2014 වර්ෂයේදී විශ්වවිද්‍යාල වරම් ලැබ, එවකට ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාඨමාලාව පන්ති සාමාර්ථයක් සහිතව ඉතා විශිෂ්ට ලෙස සමත් වන මෙතුමා 2017 වර්ෂයේදී සිය ප්‍රථම උපාධිය ලැබ ඉංජිනේරු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අභිමානවත් ඉංජිනේරුවෙක් ලෙසය.

අනතුරුව සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසෙන මෙතුමා ඒ අතරතුර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය උපදේශකයකු ලෙස සේවය කරමින් දෙස් විදෙස් දරුවන් මෙන්ම පාසල් ගුරුවරුන්ටද සිය දැනුම බෙදා දීම සිදු කරනු ලැබීය.

අනතුරුව එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරුවෙකු වෙමින් ද, සහාය කතිකාචාර්යවරයෙකු වෙමින් ද, විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාව සඳහා දේශකවරයෙකු ලෙස ද සම්පත් දායකත්වය සපයමින් සිය බුද්ධිය මෙහෙයවනු ලබයි. මෙතුමා ඔහුට ලැබෙන ප්‍රශංසාවන් සහ ඉල්ලීම් හේතුවෙන් අ:පො:ස උසස් පෙළ දරුවන්ගේ බුද්ධි වර්ධනයට අදාළ භෞතික විද්‍යාව විෂයානුබද්ධ දේශන පැවැත්වීම සහ කණ්ඩායම් පන්ති පැවැත්වීම ආරම්භ කරයි.

ඒ අනුව සිය ආකර්ශනීය ඉගැන්වීම් රටාව සහ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේද මගින් උසස් පෙළ දරුවන් භෞතික විද්‍යාව විෂයට පුහුණු කළ යුතු යැයි යන ඔහුගේ සිතුවිල්ල යථාර්ථයක් කරවමින් මේ වන විට උසස් පෙළ භෞතික විද්‍යා දේශකවරයෙකු වශයෙන් සිය වෘත්තීය ගමන් මග පවා වෙනස් කරගනිමින් උසස් පෙළ අමතර පන්ති ගුරුවරයකු ලෙස පූර්ණ කාලීනව සේවය කරයි.

For You

Testimonials

What Our Students Say

Contact Us

Call Us

+94 76 681 8850

Our Location

සුධර්මාරාමය | මහනුවර
විනෝන් | කුරුණෑගල

Our student support team is available Monday to Friday, 8:00 AM - 6:00 PM. For urgent inquiries regarding course access, please include your registration number in the message.